Pixel LED Studio
✨ හැඳින්වීම
Pixel LED ආලෝක රටා නිර්මාණය කිරීම සඳහා
  • ඕනෑම අයෙකුට භාවිතා කිරීමට පහසු
  • කුඩා ප්‍රමාණයේ නිර්මාණ වල සිට LED දසදහස් ගණනක් හෝ ඊටත් වැඩි ගනණක් දක්වා නිර්මාණ සඳහා යොදාගැනීමට හැකි
  • සාමාන්ය LED රටා වලට වඩා නිර්මාණශීලී හා සංකීර්ණ රටා නිර්මාණය කරගැනීමට හැකි
Pixel LED Studio - Controller Board
5v හා 12v LED Strips සඳහා භාවිතා කිරීමේ හැකියාව
5v හා 12v විදුලි සැපයුමෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව
Signal Output එක 5v වලින් ලබාදීමේ හැකියාව [1]
Output Channel 2 ක් හරහා LED 4000 ක් දක්වා (2000‍x2) Control කිරීමේ හැකියාව [2]
MicroSD Adapter එකක් ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාව
Controller Board කිහිපයක් එකට සම්බන්ධ කර ක්‍රියාත්මක කිරීමේ හැකියාව [3]
Micropython හා Arduino මගින් Program කිරීමේ හැකියාව

[1] WS2811/WS2812 වැනි LED Strips වල Signal Input Voltage එක අවමයෙන් 3.5v ලෙස සඳහන් කර ඇත. ප්‍රායෝගිකව ESP8266, RP2040 වැනි Microcontroller වලින් සපයන 3.3v Output වලින් ක්‍රියාත්මක වන නමුත්, එමගින් Signals විකෘති වීමේ සම්භාවිතාව වැඩි කරයි.

[2] සම්බන්ධ කල හැකි LED ප්‍රමාණය සීමාවක් නැති නමුත් LED ප්‍රමාණය වැඩි වන විට සම්ප්‍රේෂණය කල යුතු දත්ත ප්‍රමාණය වැඩි වේ. සම්ප්‍රේෂණ කාලය වැඩි වන විට LED රටා මාරු වීමට වැඩි කාලයක් ගතවේ. වේගවත් රටා ලබාගැනීම අපහසු වේ.

[3] වඩා වැඩි LED ප්‍රමාණයක් Control කිරිමේදී Controller Boards කිහිපයක් සමාන්තරව සම්බන්ධ කර, පිටතින් සපයන Clock Signal එකක් මගින් Synchronize ආකාරයට සියළුම Board වල රටා මාරු වීම පාලනය කල හැක. මේ මගින් LED අති විශාල ප්‍රමාණයක් සමාන්තරව ක්‍රියාත්මක වන Board හරහා වැඩි වේගයක් සහිත රටා නිර්මාණය කල හැක.